"තෙහෙට්ටුවට හල්පිට්ටු, සැප නින්දට මඩපිට්ටු"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ගුණ අහාර ගැන දැනුවත් කිරීම පමණක් මදි"

දේශීය වෛද්‍ය ක්‍රම සහ අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ වටිනාකම්, වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය, බත්තරමුල්ල 'වෝටර්ස් ඒඡ්' පරිශ්‍රයේ දී ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කීර්ති හලඹගේ කියා සිටියේ බෝ නොවන රෝග අභියෝගය ජය ගැනීම සඳහා දේශීය ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කළ යුතු බවය.

ශරීරයට හානිකර ආහාර ගැනීමට වඩා පෝෂ්‍ය පදාර්ථ රාශියක් සහිත ස්වභාවික එළවලු සහ පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝගවලින් තොරවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනගා ගත හැකි බව බීබීසි සිංහල සේවය වෙත අදහස් දැක්වූ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක් වන මාතාජි දිසානායක පැවසුවාය.

වැඩි විස්තර සඳහා: "තෙහෙට්ටුවට හල්පිට්ටු, සැප නින්දට මඩපිට්ටු"

සබැඳි විෂයයන්